ගෝඨාට සුවයි! නොබෝ දිනකින් සක්‍රීය දේශපාලනයට!

June 14, 2019 at 4:25 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරු රෝහලක වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් ඇති අතර ඒ මහතා සුවයෙන් පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදීයෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ එතුමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බවත් සාර්ථකව ඒ වෛද්‍ය ප්‍රතිකාර සිදු කර ගෙන ඇති බවත් තව ටික කාලයක් විවේකීව ගත කර මේ රටේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් පැමිණීමට නියමිතය යනුවෙන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස