ගෝඨාට ඇමරිකාවේ නඩු පැවරීම මෙහෙය වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුවයි! ඇමරිකාවේ සිට පැමිණි ගෝඨා හෙළි කරයි..

April 12, 2019 at 11:15 am | by admin

තමා ඇමරිකාව බලා පිටත් වුණේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා බවත් එම කටයුතු සාර්ථකව සිදු කරගත් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

අද පෙරවරුවේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු සංචාරය අතරතුර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ඔහුගේ මරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇමරිකාවේදී සිවිල් නඩුවක් පැවරීමට කටයුතු කිරීමට කටුයුතු කළ අතර ඊට බොහෝ දෙනාගේ අවධානය හිමිවිය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ සිදුවූ බව කියන මාධ්‍යවේදියෙකු ඝාතනයක් හා තවත් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පැවරීමට යම් පිරිසක් කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් අමෙරිකාවේ නීතිය අනුව පුද්ගලික ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් සිතාසි ලබා දිය යුතු වුවත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවු බව ද සඳහන් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට ඇමෙරිකාවේ සිටින සිය නීතිඥවරුන් මෙම නඩුව නිශ්ප්‍රභා කර ගැනීමට අදාළ කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

එමෙන්ම මෙය හුදෙක්ම ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන දේශපාලන අරමුණකින් සිදුකළ දෙයක් බවත් ,ඒ මොහොතේ ශ්‍රී ලංකාවාසි ජනතාවත්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුනුත්, ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලංකාකියනුත් විශාල සහයෝගයක් ලබා දුන් බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද කොටි ඩයස්පෝරාවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානය තමාට නඩු පැවරීම මෙහෙය වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය බවත් ශ්‍රී ලංකාවේ නාමය ද ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ තමාගේ නාමය ද අපකීර්තියට පත් කරන මෙවැනි පහත් තැනට රටක දේශපාලනය පත්වීම පිළිබඳ කනගාටු වන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස