ගෝඨාගෝගම රකින්න අගමැතිගෙන් කමිටුවක්…! ප්‍රධානියා රුවන්…!

May 15, 2022 at 12:25 pm | by emanisa.lk

ගාලු මුවදොර ගෝඨාගෝගම පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහා රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (14) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ගෝඨාගෝගම ආරක්ෂා කිරීමට පියවර ගන්නා අතර එහි පාලනය තරුණ පිරිසට භාරදෙන බවත් අගමැතිවරයා අවධාරණය කරයි.

ගෝඨාගෝගම කටයුතු සඳහා සහයෝගය ලබා දෙන නගරාධිපතිනියට ද දැනුම් දී ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය, පොලිසිය සහ යුද හමුදාව නියෝජනය කරමින් උක්ත කමිටුවට සාමාජිකයා බැගින් පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස් වූ අවස්ථාවක අගමැතිවරයා එම ධූරයට පත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *