ගිනි තැබූ මන්ත්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි..! නැත්නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්…! – වජිර…

August 5, 2022 at 3:02 pm | by emanisa.lk

පසුගිය මැයි 09 වෙනිදා විනාශ කළ දේශපාලනඥයින්ගේ ද ව්‍යාපාරිකයින්ගේ ද සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කරයි.

තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙස ද තට්ටු දෙකේ නිවාස තට්ටු තුනක් වන ලෙස ද නැවත ගොඩනැඟිය යුතු බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

ජනතා නියෝජිතයින් මරා දැමීම, ඔවුන්ගේ නිවාස ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් එම ම්ලේච්ඡ අදහස් දරන පිරිස් පාලනය කළ යුතු බවත් වජිර අබේවර්ධන සඳහන් කරයි.

එම ප්‍රජාතන්තවාදී නොවන කටයුතුවලට බයේ ජීවත් වීමට වඩා මිය යාම හොඳ බවත් හෙතෙම සඳහන් කළේය.

නොඑසේ නම් අනාගත පරපුර දේශපාලනයට නොපැමිණෙනු ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් වජිර අබේවර්ධන වැඩි දුරටත් සඳහන් කරයි.

පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *