225 මරල හරි ගෙවල් ගිනි තියල හරි රටේ ප්‍රශ්න විසඳන්න බෑ…! – කතානායක…

June 30, 2022 at 1:53 pm | by emanisa.lk

රටේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා මරා දැමීමෙන් හෝ ඔවුන්ගේ නිවාස ගිනි තැබීමෙන් විසඳිය හැකි දැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රශ්න කරයි.

යමකු එලෙස සිතන්නේ නම් එය මුලාවක් බවයි ඔහු අවධාරණය කළේ.

ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළ රැසක් විනාශ කරනු ලැබූ බවටත් ප්‍රචණ්ඩකාරීන් මෙලෙස කටයුතු කරද්දී පොලිසිය හමුදාව ඔහේ බලාගෙන සිටිය බවටත් කතානායකවරයා චෝදනා කරයි.

කාන්තාවන් පිරිසක් බේරේ වැවට දමා ගොඩට එන්න හදද්දි පිරිමින් ගල්වලින් පහර දුන් ම්ලේච්ඡ සිද්ධිය කිසිසේත්ම අනුමත කළ නොහැක්කක් බව ද කතානායකවරයා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතා ආදර්ශමත් පිරිසක් ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් එන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා පාර්ලිමේන්තු සභාගර්භයේ අතීතයේ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් හෝ ඔවුන්ගේ කතා ශ්‍රවණය කිරීමෙන් අද මන්ත්‍රීවරුන්ට ලොකු ආදර්ශයක් ලබාගත හැකි බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *