කොවිඩ් මළ සිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ, අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කරයි.
කොරෝනා මරණ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත්, එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.
සිරුරු භූමදානය කර ගැනීමට අත්‍යවශ්‍යම කෙනෙක් වේ නම්, එතෙක් එම සිරුරු අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.