ගම්වල කුසගින්න මන්දපෝෂණේ හොඳට ම පැතිරිලා..! සෞඛ්‍ය ඇමැති සරම ඇඳං ඔළුවෙන් හිටං නෑ කියනවා…!

October 5, 2022 at 6:56 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය සහ දරිද්‍රතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය විශේෂඥායන් කරන ප්‍රකාශ වැරදි නම් රජයේ මන්ත්‍රීවරුන් කළ යුත්තේ සමීක්‍ෂණ කර වාර්තා ඉදිරිපත් කිරීම බවත් එවැනි ප්‍රකාශ කරන සංවිධාන විවේචනය කිරීමෙන් පළත් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

කුසගින්න, මන්ද පෝෂණය සහ ගැඹුරු දරිද්‍රතාවේ ඉහළට තල්ලු වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය නැති තරම් බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ප්‍රකාශ කර ඇති බව කී ඩිලාන් පෙරේරා, ගමට ගියාම පැහැදිළිවම කුසගින්න, මන්ද පෝෂණය සහ දරිද්‍රතාව දැකයි හැකි බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමතිතුමා රෙද්දයි බැනියමයි ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඔලුවෙන් හිටගෙන දේශපාලන හෙලුව ලෝකයට නොපෙන්වා ජාත්‍යන්තර සංවිධානය සහ දේශීය විශේෂඥායන් ඉදිරිපත් කරන කාරණාවලට අවධානය යොමු කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ කරන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සංවිධානය වැරදි යැයි ප්‍රකාශ කරන බවත් ඩිලාන් පෙරේරා කීය.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද (05) එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *