මන්දපෝෂණ කතාව අතේ රෝලක්…! කුරුම්බා හොඳ ආහාරයක්…! 

September 25, 2022 at 2:04 pm | by emanisa.lk

රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

දරුවකු දිවා ආහාරය සඳහා පාසලට කුරුම්බා රැගෙන විත් ඇති බවට ප්‍රචාරය වූ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයෙන් නිලධාරීහු පැවසුවේ පොල් පෝෂදායී ආහාරයක් බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කොළඹදී ඊයේ (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *