ගම්පහ ගං වතුර අනවසර ඉදිකිරීම් නිසයි…! සියල්ල ඉවත් කරනවා…! – නිමල් ලාන්සා

June 10, 2021 at 11:28 am | by emanisa.lk

පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමග වත්තල හා ජා ඇල ආසනයන්හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අනවසර ඉදිකිරීම් බවත් ඒවා කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සඳහන් කරයි.

එම ප්‍රදේශයන් ජලයෙන් යටවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) දින අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවක දී එලෙස සඳහන් කළේය.

“වත්තල හා ජා ඇල ප්‍රදේශයන් ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වගුරු බිම් ගොඩකර ගෙන සිදු කර තිබෙන අනවසර පදිංචි වීම්. ඒ අනුව අපි තීන්දු කරලා තියෙනවා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් වාර්තා ලබා ගෙන අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන්න.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබා දී තිබෙනවා.
අතීතයේ ජා ඇල, ඇල ඉදිකිරීමේදී සැලසුම් කරලා තිබුණේ ජලය වැඩි වුණා ම එම ජලය මුතුරාජවෙල තෙත් බිම් කළාපයට ගලා බසින විදියට.

මේ වගුරු බිම්වලට ජලය ගලා යන්න තිබුණු එම මාර්ග ඇතැම් ව්‍යාපාරිකයින් අනවසර ලෙස ඉඩම් කුණු කොල්ලයට අරගෙන අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ඒ සියල්ලක්ම රජයට යළි පවරාගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ එම ප්‍රදේශ ජලයෙන් යටවෙන එක නැවැත්වීමට කටයුතු කරනනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *