ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 33100යි….! තවත් නම් අල්ල ගෙන ඉන්න බෑ…! ඉන්ධන මිල වැඩි කරනවා…! – උදය ගම්මන්පිල….

June 11, 2021 at 4:16 pm | by emanisa.lk

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කළ බව අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ය.

මිල සංශෝධනය කරන දිනය නුදුරේ දී ම දැනුම් දෙන බවත් එය කලින් දැනුම් නොදෙන්නේ කොවිඩ් වසංගත සමයේ පිරවුම්හල් අසල පෝලිම් හැදෙන නිසා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිහින් තිබිය දීත් මාස 21 පුරාවට ඉන්ධන මිල සංශෝධනය නොකර මේක කොහොම හරි අල්ල ගෙන ඉල්ල අපි කටයුතු කළා.

නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරාගෙන ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට මෙතරම් දීර්ඝ කාලයක් මිල සංශෝධනයක් නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත් නෑ.

දිගින් දිගට ම වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකිණීම නිසා මේ වන විට 2020 අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණ අලාභ රුපියල් කෝටි 33100ක්. ඒ නිසා ම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *