කෝටි තිස්දාහක් සල්ලි අච්චු ගහලා..! කළුකඩේ ගෑස් සිලින්ඩරේ රු. තිස්දාහයි…!

May 4, 2022 at 4:17 pm | by emanisa.lk

රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් ආණ්ඩුව මුද්‍රණය කර තිබෙන අතර මෙවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදු වන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙක් වුනත් දන්නා බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව අනාවරණය කළේ ය.

අද රට උද්ධමනයකට නොව අධි උද්ධමනයකට මුහුණ දී තිබෙන බව කී රංජිත් සියඹලාපිටිය රටේ සංකීර්ණ ගැටළු අර්බුදයක් කරා ළඟාවෙමින් තිබෙන අතර එහෙම වුණොත් විසඳුම් නැති තැනකට පත් විය හැකි බවද සඳහන් කළේය.

මෙවැනි වෙලාවක ඇත්ත කතා කළ යුතු අතර මුදල් ඇමතිතුමා එවැනි තැනකට ලං වෙමින් සිටින අතර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වීම ඓතිහාසික වරදක් බව එතුමා ද පිළිගත් බව සඳහන් කළේය.

කළු කඩේ වන ආර්ථික උද්ධමනය කොහේ වත් ලියවෙන්නේ නැතැයි ද ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් දහසක් වී තිබෙන්නේ යැයි ද රංජිත් සියඹලාපිටිය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *