කොළඹ පුරපති පුටුවට සජබෙන් මුජිබර්…!

October 29, 2022 at 12:59 pm | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ මහනගර සභාවේ පුරපති ධූරය සඳහා  තරඟ වැදීමට නියමිතව  ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

ඔහුට එම ධුරයට තරග වැදීම සඳහා පක්ෂ නායකත්වයේ අනුමැතිය දැනටමත්  පළ වී ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කොළඹ නගරයේ සුළු ජාතික ඡන්ද පදනම ප්‍රබලව  ක්‍රියාත්මක වන හෙයින් මුජිබර් රහුමාන්  එම ධූරයට  තරග වැදුණහොත් ප්‍රබල  වාසිදායක තත්ත්වයක් ඇතිවනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනකුගේ අදහසවී ඇත.

කොළඹ නගර සභාවේ නිල කාලය මේ වසර අග අවසන් වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *