කොළඹ නැවතත් කොරෝනා අවදානමක්! 143ක් නිරෝධායනයට යොමු කෙරේ!

July 3, 2020 at 8:36 am | by emanisa.lk

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ ස්වයං නිරෝදායනයට යොමු කළ බව ප‍්‍රදේහයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.

පසුගිය මස 08 වෙනිදා ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී ඇති අතර ඔහු නෞකාවල රාජකාරි කරන්නෙකි.

දින 14ක් නිරෝධායනය අවසන් කර නිවසට වී දින 14ක් නිරෝධායනය වෙමින් සිටියදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු විය.

නිරෝධායනයට යොමු කළ පිරිස අතර ඔහුගේ පවුලේ 11 දෙනෙක්ද වෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස