කොරේ පිටට මරේ! කොළඹට ඇතුළු වන වාහනවලට කසළ බද්දක්!

August 8, 2019 at 4:00 pm | by emanisa.lk

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කැළිකසළ වෙනත් ප්‍රදේශවල කසළ අංගනවලට භාර නොගැනීම නිසා කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින් බදු මුදලක් අයකර ගැනීමට සැලසුම් කර තිබෙන බව වාර්තාවේ.

කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින් අයකරන බදු මුදල යොදාගෙන නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මේ හරහා සැලසුම් කර තිබේ.

කැළිකසළ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන විසින් අදාළ යෝජනාව නගර සභාවට ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවද වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස