කොවිඩ් මර්දන එන්නත් නොගත් අයට පොදු ස්ථාන තහනම්..?

October 27, 2021 at 11:40 am | by emanisa.lk

කොවිඩ්’ මර්දන එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත යුතු එන්නතක් වීම නිසා රජයට බලකිරීමක් කළ නොහැකි වුවද ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැටියට බහුතරයේ යහපත සඳහා එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල්විය නොහැකි තහනමක් පැනවීමේ තීරණයක් ගැනීමේ අවස්ථාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පුද්ගලයකුට තමන්ගේ ජීවිත ආරක්‍ෂා කරගැනීමේ අයිතිය තිබෙන්නාක් මෙන්ම ඔහුට සෙසු අයගේ ජීවිත අනතුරට පත්කිරීමට අයිතියක් නැති බව කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මුළු යුරෝපයේම පොදු ස්ථාන සම්බන්ධයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

පොදු ස්ථානවලට යම් වෛරස් එනවා දැන දැන වගකිවයුතු රජයක් හැටියටත් එම පුද්ගලයාටත් වගකීමෙන් බැහැර විය නොහැකි බවත් බහුරතයකගේ යපත සඳහා එවැනි තීරණය ගතහැකි බවත් අමාත්‍යවරයා කීය.

නොවැම්බර් මස 1 වැනිදා සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සේවකයන්ගෙන් ආරම්භ කර ආරක්‍ෂක අංශ ආදී ලෙස තෙවැනි මාත්‍රාව ලබාදෙන බවත් කී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජය සතුව ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඇති අතරම තවත් මිලියන 14.5 ක් ඇනවුම්කර ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස