කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරේ…? කාඩ්පත නැතිව පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම්…!

July 31, 2021 at 12:57 pm | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි කොවිඩ් මර්දන කමිටුවේ ඉහළ අවධානය යොමු වී ඇත.

විශේෂයෙන් රජයේ ආයතනවලට සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවීමේ දී එම කාඩ්පත ළග තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු විවිධ විවිධ පාර්ශ්ව දැනටමත් රජයට කරුණු පෙන්වා දී ඇත.

කොවිඩ් කමිටු රැස්වීමේ දී ද ඊයේ (30) මේ ගැන සාකච්ඡා වී ඇත.

කොවිඩ් මර්දනය සඳහා ඉදිරියේ දී තවත් රෙගුලාසි හඳුන්වා දීමට සිදුවන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *