කොවිඩ් මර්දන එන්නත් දෙකම නැත්නම් මංගල උත්සවවලට එන්න තහනම්…!

October 3, 2021 at 1:02 pm | by emanisa.lk

කෝවිඩ් 19 වෛරස් මර්දන එන්නත් දෙක ම ලබා නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුළු කර නොගැනීම තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලු සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර පවසයි.

දැනට පනස් දෙනෙකුගේ උපරිම සීමාව යටතේ විවාහ මංගල උත්සව පැවැත්වීමට කෝවිඩ් මර්දන කමිටුවෙන් තමන් අවසර ලබාගත් බව ද එම සංගමය කියයි.

නිරෝධායන සෞඛ්‍ය නීති ගැන වගකිමක් ගන්න කෙනෙක් නැති නිවෙස්වල එම උත්සව පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ද ඔහු බළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

විවාහ මංගල උත්සවවලදී යම් පුද්ගල දුරස්ථභාවය, මුව අවාරණ නොමැතිව සිංදුවලට නැටීමට පැමිණියහොත් සහ බීමත්ව නැටීමට පැමිණියහොත් ඒ අයට සංගීතය සැපයීමෙන් වැළකීමට ඇණවුම බාරගැනීමට පෙර කොන්දේසි දැමීමට කටයුතු කරන්නැයි එම සංගමයේ උසභාපති සංගීත ශිල්පී සාලිය දිනේෂ් සංගීත ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *