තීන්දුවේ වෙනසක් නෑ! කොවිඩ් මරණ ආදාහනය දිගට ම!

November 22, 2020 at 8:18 pm | by emanisa.lk

කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු කිරීමේ දී සියලු මරණ ආදාහනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

කොරෝනා මරණ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් අදාළ තීන්දුව ගෙන තිබේ.

එම විශේෂඥ කමිටුව අදාළ තීන්දුව පිළිබඳ තව දුරටත් විමර්ශනය කරමින් සිටින අතර අවසන් තීන්දුව ලැබෙන තුරු මෙතෙක් අනුගමනය කළ ආකාරයට සියලු මරණ ආදාහනය කළ යුතු බව තීරණය කර ඇත.

එම කමිටුවේ අවසන් තීන්දුව ඉදිරියේ දී දැනුම් දීමට නියමිත අතර එතෙක් මෙම තීන්දුව බලාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස