කොවිඩ් නිසා දහස් ගාණක් මැරුනේ ආණ්ඩුවේ අසමත්කම නිසයි…! මං කී දේ ඇහුවා නම් දහස් ගණනක් ජීවිත බේරගන්න තිබුණා…! – සජිත්…

October 20, 2021 at 7:46 am | by emanisa.lk

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින් ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ ආණ්ඩුව බිහිවූ දා සිට විපක්ෂය හැටියට තමන් කළ කී සියල්ල සත්‍ය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් කී දෙය ආණ්ඩුව මඳක් හෝ කනකට ගත්තා නම් කොරෝනාවෙන් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට තිබූ බවද පැවසීය.

එහෙත් ආණ්ඩුව ඒ වෙනුවට කළේ මිත්‍යාව පිටුපස දිව යාම බවත් අත්‍යවශ්‍ය එන්නත් සහ බෙහෙත් ඖෂධ පිළිබඳව තමන් ඉතා සද්භාවයෙන් ආණ්ඩුව දැනුම්වත් කරන විට ආණ්ඩුව ඊට උසුළු විසුළු කළ බවත් පැවසීය. කොරෝනාව ගරානාවක් කරගත්තේ ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ජන ජීවිත බේරාගැනීම වෙනුවෙන් තමන් කී දෙය ඇතැමුන්ට දරාගන්නට නොහැකි වූ බව ද පැවසීය.

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්නට කිසිදු සැලැස්මක් නැති ආණ්ඩුව මහ බැංකුව මුදල් අච්චු ගහන මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇති බවත්, මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ අධි උද්ධමනයකින් රට විනාශයෙන් විනාශයට පත්වීම බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේගේ තිස්සමහාරාම ආසනයේ හම්බන්තොට කොට්ඨාශ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එකතු වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස