කොරෝනා හෙළ ඔසුවට අනුමැතිය ලැබෙයි..! රජයේ රෝහල් සඳහා දෙන්න සූදානම්…! රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ඇමැති…

December 29, 2020 at 10:35 pm | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිෂ්පාදිත කොරෝනා නිවාරණ ඖෂධය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් කර ගැනීමේ සහ එය කඩාකප්පල් කිරීමේ උවමනාවෙන් දෙපිරිසක් කටයුතු කළ බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

මෙම ඖෂධය බටහිර බෙහෙත් ලබා දෙන රජයේ රෝහල්වල දීමේ හැකියාව නොමැති බවත් ඒ සඳහා ආචාර ධර්මික කමිටුවේ අනුමැතිය උවමනා බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

යම් යම් කොන්දේසිවලට යටත්ව රජයේ රෝහල්වල මෙම පරීක්ෂණය සඳහා එම කමිටුවේ අනුමැතිය මෙම ඖෂධය සඳහා ලබා දුන් බව දැන ගන්නට ඇතැයි ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *