කොරෝනා සඟවා ගෙන ලංකාවට පැමිණි අපරාධකාරයන්ට දඬුවම් දෙනු! – සමාජමාධ්‍ය ඉල්ලයි….

March 15, 2020 at 9:24 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාධනය වී ඒ බව සඟවා, ජෙට් බ්ලූ ගුවන් සේවාවේ ගුවන් යානායකින් නිවු යෝර්ක් සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැනවීමට ඇමෙරිකාවේ ජෙට් බ්ලූ ගුවන් සමාගම තීරණය කර තිබේ.

මෙම පුද්ගලයා කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණය සිදු කර ඒ බව සඟවා මෙලෙසට ජෙට් බ්ලූ ගුවන් සමාගම සමග පියාසර කර තිබිණි.

මේ ආකාරයටම සිය රෝග ලක්ෂණ සඟවා, පැරසිටමෝල් පානය කරමින් පසුගියදා ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් හමුවේ හෙළිදරව් විය.

සමස්ත රට වැසියන්ම අනතුරේ හෙළීමට උත්සාහ කළ එම පුද්ගලයන්ටද මෙලෙසට දඬුවම් කරන ලෙස සමාජ මාධ්‍යයේ ඔස්සේ ඉල්ලීම් කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස