කොරෝනා බියෙන් ජාතික රෝහලේ සේවකයන් කුළී නිවාසවලින් දොට්ට!

November 5, 2020 at 7:31 am | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින්ට සිය කුලී නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇත.

මේ නිසා රෝහල් සත්කාර සේවාවන් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා රෝගීන්ට සත්කාර සේවාවන් සැපයීම හේතුවෙන් ​මොවුන් එම කුලී නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

රෝහල් පරිශ්‍රයට ආසන්න කුලී නිවාසවල පදිංචිව සිටි මෙම සේවකයෝ රාජකාරි සඳහා අනිවාර්යයෙන්ම පැමිණෙති.

මෙය තමන්න්ට සිදු වූ බලවත් අසාධාරණයක් බවත් ඒ නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස