කොරෝනා පාලනයේ ඉහළින් ම ඉන්නේ ලංකාව…! දක්ෂ නායකත්වය සහ පරිපාලන එහි රහසයි….! ඇමරිකාව ෆේල්….!- WHO උපදේශක….

January 12, 2021 at 8:48 am | by emanisa.lk

කොරෝනා වෛරසයේ බලපෑමෙන් සැලකිය යුතු ගැලවීමට නම් ජනගහනයෙන් 70%කට වත් එන්නත ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන අග්නිදිග ආසියානු උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

කොරෝනා මෘතදේහ නියම ලෙස භූමදානය කළේ යැයි අවදානමක් මතු වනු ඇතැයි තාක්ෂණික වශයෙන් ගත් කළ තමන් පෞද්ගලිකව නොසිතන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කවර නිර්දේශ ඉදිරිපත් කළ ද සෑම රටකට ම තමන්ට ආවේණික තීන්දු ගැනීමේ හැකියාවක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ලොව පුරා මේ වන විට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වෙත නැඹුරුවක් දැකිය හැකි බවත් එම ඖෂධවලින් හානියක් නොවන බව සහතික නම් ඒවා ගැනීමේ වරදක් නොමැති බවත් විශේෂඥ වෛද්‍ය අබේකෝන් සඳහන් කරයි.

අග්නිදිග ආසියානු රටවල් අතර කොරෝනා මර්දනයෙහිලා ඉහළින් ම සිටින්නේ ලංකාව සහ තායිලන්තය බවත් ප්‍රජා සෞඛ්‍ය පද්ධතියෙහි දියුණුව, රජ්‍ය පාලනයේ හොඳකම මෙන් ම විධිමත් රාජ්‍ය පරිපාලනය ඊට හේතුව බවත් හෙතෙම අනාවරණය කරයි.

ඇමරිකාව වැනි රටවල කොරෝනා පාලනය කරගත නොහැකි වී ඇත්තේ ප්‍රජා සෞඛ්‍ය ක්‍රමයක් නොමැති නිසා බවත් විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් වැඩි දුරටත් සඳහන් කරයි.

 

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස