කොට මොඩල් ළඟ පිකප් හාදයෙක් මට ත්‍රස්තවාදය ගැන පාඩමක් උගන්වන්න හැදුවා! ඒ හාදයා දත් ගලවන්න හැර සියල්ලම දන්නවා! – ෆොනි

May 9, 2019 at 9:01 am | by admin

සමහරු ඉස්ලාම් ත්‍රස්තවාදය මාස දෙකෙන් තුනෙන් අවසන් කරන බව පැවසුව ද මෙම ගැටලුව කොටි ත්‍රස්තවාදය මෙන් මුලිනුපුටා දැමීමට නම් අනිවාර්යෙන්ම වසර දෙකක පමණ කාලයක් ගත කර අඩිතාලමක් දමා ගැනීම අවශ්‍ය බවත් බුද්ධි අංශ ශක්තිමත් කළ යුතු බවත් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මෙම ප්‍රශ්නයේ දී පක්ෂ විපක්ෂ දේශපාලනයෙන් මිදී රට පැත්තෙන් සිතා තමා අදහස් දක්වන බව ප්‍රකාශ කළ ද සමහරු තමා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන බවට කාටුන් ඇඳ ඇති බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය. ආණ්ඩුවේ සිටින කොට මොඩල් ළඟ පිකක් හාදයෙක් තමන්ට ත්‍රස්තවාදය පිළිබඳ පාඩමක් ඉගැන්වීමට පැමිණි බව පැවසූ මන්ත්‍රීවරයා මොහු දත් ගැලවීම හැර සියල්ල දන්නේ යැයි ද පැවසුවේය.

රාජපක්ෂලා පිළිබඳ තමා තුළ ඇති අදහස් වෙනස් වී නොමැති බවත් පාස්කු ප්‍රහාරය පිටුපස ගෝඨාභය සිටින්නේ දැයි මාධ්‍ය ඇසූ විට එය ප්‍රතික්ෂේප කළ තමන් එවැනි කටයුත්තකට ඔහුට හැකියාවක් නොමැති බව ද පැවසූවේ යැයි සිහිපත් කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුව විවාදයට සහභාගී වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස