කොටි පරාද කරලා කොළඹ ලස්සන කළ ගෝඨා ජනාධිපතිවරණයට එනවා! කොළඹ අවලස්සන කළ පාඨලි විකාර දොඩවනවා!

January 30, 2019 at 2:21 am | by admin

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන බවත් එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂය නන්නත්තාර වන බව හොඳින් දන්නා නිසා ගෝඨාභය භීතිකාවක් හැදිලා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශ්‍රී සාලිය මැන්දිස් පැවැසීය.

අහුන්ගල්ලේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හමුවකදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

මේ රටේ හිටපු ජනාධිපතිවරු හතර දෙනකුට නතර කරන්න බැරි වූ යුද්ධය නතර කරල, කොළඹ නගරය ලස්සන කරලා, රට සංවර්ධනය කරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව දැනගත් රටේ බහුතර ජනතාව එතුමා ජනාධිපති කරන්න සූදානමින් ඉන්නේ. එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂයට ඇපත් නැති වන බව දන්න නිසා ද්විත්ව පුරවැසි භාවයක් අල්ලා ගෙන පිස්සු ‍දොඩවනවා. එතුමා මේ රටේ ජනාධිපති වෙන නිසා එක්සත් ජාතික පක්ෂයට අමතරව පාතාලයත් කොටින්ට උදවු කරන බටහිර රටවල් පවා බියට පත්වෙලා. මේ නිසා උදේටත් දවාලටත් රෑටත් ගෝඨාභය ගැන ‍දොඩවනවා.

රට, ජාතිය, ආගම ගැන ආදරයක් තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි භාවයත් ඒ තරම් ලොකු නැහැ. ඕනම වෙලාවක පුරවැසිභාවය ඉවත් කර ගැනීමට සූදානමින් ඉන්නේ. එතුමා ගොඩනැඟූ කොළඹ නගරය ලස්සන කිරීම පවත්වා ගෙන යන්න බැරිව දඟලන පාඨලී චම්පික ඇමැතිවරයා එය හෑල්ලුවට ලක් කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *