කොටි පරදන සටනේ දී ඉන්දියාව කළමනාකරණය කළෙත් බැසිල්….!

July 6, 2021 at 11:05 pm | by emanisa.lk

මෙරට ආණ්ඩුවක් ජනතාවට ලබා දුන් විශාලතම ජයග්‍රහණය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

එම යුද්ධය අවස්ථාවේ බැසිල් රාජපක්ෂ ඉතා ම තීරණාත්මක වගකීමක් ඉටු කළ බව ද ඔහු පෙන්වා දෙයි.

යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී කලාපීය බලවතා වන ඉන්දියාව කළමනාකරණය කරමින් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේ බැසිල් රාජපක්ෂ බව සංජීව එදිරිමාන්න අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *