කොටින්ට පණ දිය යුතු බව කී විජයකලාට නිදහස…!

October 19, 2023 at 5:03 pm | by emanisa.lk

කොටි නැවත නඟා සිටුවිය යුතු බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි හිපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (19) නියෝග කර තිබේ.

රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් සිට 2017 වසරේ දී යාපනය වීරසිංහම් ශාලාවේ දී එම ප්‍රකාශය කළ බවට ඇයට එරෙහිව චෝදනා නගා තිබිණි.

එම චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *