කුළුඳුලේ මිලට ගත් කාරය නැවත මහින්ද සොයා එයි!

November 21, 2020 at 2:33 pm | by emanisa.lk

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය එය ඔහුගෙන් මිල දී ගත් එස්.ඒ. අමරසිරිගේ පුත් දුමින්ද අමරසිරි විසින් යළිත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට භාර දී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙනුයි.
දුමින්ද අමරසිරි මහතා ‘Duminda Bodykit’ නම් ප්‍රකට ව්‍යාපාරයේ හිමිකරු වන අතර අග්‍රාමාත්‍ය පුත් යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් පරිදි යළිත් මෙසේ ෆියට් මෝටර් රථය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබිණි.

මෙම මෝටර් රථය එස්.ඒ. අමරසිරිගේ ද පළමු මෝටර් රථය වී ඇති අතර එය යොදාගෙන ඔහු ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර මෝටර් රථ තරගය ද ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *