කිහිප දෙනෙක් කෑ ගැහුවට ඊළඟ ජනාධිපතිකමට නියම සුදුස්සා බැසිල්…! – පොහොට්ටුව…

March 12, 2021 at 3:39 pm | by emanisa.lk

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි රට ගොඩ නැගීමට දැක්මක් ඇති එක ම නායකයා බැසිල් රාජපක්ෂ බව පොදුජන පෙරමුණ පවසයි.

කිහිප දෙනෙකු ඊට විරුද්ධව කෑ ගැසුව ද බැසිල් රාජපක්ෂ හෝ පොදුජන පෙරමුණ වැට්ට වීමට කිසිවෙකුට නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් අවධාරණය කරයි.

බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නේ ය.

සිය කඳවුරේ කිහිප දෙනකු විරුද්ධ වුවත් ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සදහා නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස