කින්නියා ඛේදවාචකයෙන් ජනතාව කෝප වෙති..! මන්ත්‍රී නිවසට ප්‍රහාරයක්…!

November 23, 2021 at 6:10 pm | by emanisa.lk

සමගි ජනබල වේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික්ගේ නිවෙසට ඊයේ (22) ගම්වාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

කින්නියා ප්‍රදේශයේ පාරුවක් පෙරලී සිසුන් 6ක් මියයාමේ සිද්ධියෙන් කෝපයට පත්වූ ප්‍රදේශවාසීන් මෙම ප්‍රහාරය එල්ල කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ස්ථානයේ මේ වන විට අලුත් පාලම ඉදිවෙමින් පවතින අතර පාරු යොදා ඇත්තේ පාලම ඉදි කරන තෙක් ගමනාගමනය පිණිසය. තව්ෆික් සමගි ජන බලවේගය යටතේ තරඟ කර ජයග්‍රහණය කළ ද අනතුරුව ආණ්ඩුවට සහයෝගය පළකළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස