කැබිනට් ඇමතිවරු 15යි! අලුත් ජනපතිගේ කැබිනට් මණ්ඩලය මෙන්න!

November 22, 2019 at 10:01 am | by emanisa.lk

නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන , නිවාස පහසුකම් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

කැබිනට් මණ්ඩලය සඳහ ඇතුළත් වූ සෙසු පිරිස මෙසේය.

නිමල් සිරිපාල – අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ
ආරුමුගම් තොණ්ඩමන් – ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම්
දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු
ඩග්ල්ස් දේවානන්ද – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
පවිතා දේවි වන්නිආරච්චි – කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂන හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
බන්දුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
ජනක බන්ඩාර තෙන්නකොන් – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
චමල් රාජපක්ෂ – කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික කටයුතු, වාරිමාර්ග, ආහාර සුරක්ෂිතතා
ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මාර්ග, මහා මාර්ග හා වරාය කටයුතු
මහින්ද අමරවීර – මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති
විමල් වීරවංශ – කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන
එස්.එම්.චන්ද්‍රසේන – තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම
ප්‍රසන්න රණතුංග – කාර්මික අපනයන, ආයොජන ප්‍රවර්ධන, සංචාරක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස