කාර් එකේ වෛද්‍ය ලාංඡනේ ගහගෙන ගංජා ඇදල…!

June 8, 2021 at 7:15 am | by emanisa.lk

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය ලාංඡනය මෝටර් රථයේ ප‍්‍රදර්ශනය කරගෙන ගංජා රැගෙන යමින් සිටි සැකකරුවකු ඊයේ (07) පෙරවරුවේ මරදාන පොලිසියේ මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි පෞද්ගලික ආයතනයක සේවකයෙකි. මරදාන පොලිසියේ නිලධාරීන් මරදාන මගී පාලම අසල මාර්ග බාධකයේ දී එම මෝටර් රථය නවතා වෛද්‍ය හැඳුනුම්පත සහ ලියැකියවිලි ඉල්ලා සිටීමේදී සැකකරු කොටුවී තිබේ.

සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෝටර් රථය තම සහෝදරයාගේ බවත් ඔහු ද වෛද්‍යවරයකු නොවන බවත් පවසා ඇත. අනතුරුව පොලිසිය මෝටර් රථය පරීක්‍ෂා කිරීමෙන් පසු එහි තිබී ගංජා ග‍්‍රෑම් 38 ක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මෙම ජාවාරම සිදුකරන අයෙකුද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *