කාටත් කලින් අපේ පවුල්වල අයට එන්නත දීම ප්‍රශ්න කරනවා නම් මේක ශිෂ්ට සම්පන්න රටක් ද? – GMOA

May 26, 2021 at 8:16 am | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තමන්ගේ පවුල්වල සමාජිකයින්ට ප්‍රමුඛතාව ලබා ගෙන කොවිඩ් එන්නත් ලබා ගැනීම කිසිවකු ප්‍රශ්න කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ශිෂ්ටසම්පන්න භාවය කොතරම්දැයි ප්‍රශ්නයක් තමන්ට මතුවන බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.

“ඕවා ඉතිං මෙහෙමයි, ඔබතුමන්ලා මාධ්‍යවේදීන් හැටියට පුවත්පතක තියෙන ඕනෙම එකක් අපෙන් අහනවා නම් අපට ඒකට උත්තර දෙන්න අපරාදෙ වෙලාව… නෑ … ඔබ … අපටත් මෙහෙමනෙ.

අපිත් අපෙ පවුල් අනතුරට දාගෙන අපි රස්සාවක් කරනවා. ඊට අමතරව අපි සංගමයක් කරනවා. ඒ සේරම කරලා ඉවර වෙනකොට …

මේකෙ දීපු එන්නතක් ගැන නම් මීඩියා එකේ යවන්න ඕනෙ, ඒ රට මොනතරම් මේ … අර … ශිෂ්ටසම්පන්නද කියලා ප්‍රශ්නෙ තියෙන්නෙ.”

වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව පැවසුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *