කවදාවත් රස්සාවක් නොකළ අනුර විජිත ටිල්වින් අපට වඩා හොඳට කාලා ඇඳලා ඉන්න රහස මොකක්ද…! – නිමල් ලන්සා..

February 11, 2023 at 3:28 pm | by emanisa.lk

මේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා නොව මහ බැංකුව වන අතර වන අතර විපක්ෂයේ පිරිස් “ගෑනු ළිඳ ළඟ කතා කරන” මෙන් කියව කියවමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.

“ජනාධිපතිවරයා මේ වගකීම භාර ගත්තේ රටේ ප්‍රධාන විපක්ෂය භාර ගන්න බැහැ කියපු අවස්ථාවක. සියලු දෙනා පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මහතා එය භාර ගෙන රට ස්ථාවර කරන්න කටයුතු කරමින් ඉන්නවා. රටේ වත්මන් තත්ත්වය මිසක් ජනාධිපතිවරයා ජනප්‍රිය තීන්දු තීරණ ගත්තේ නැහැ.

මේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා නෙවෙයි මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශවල ඉන්න ආර්ථික විශේෂඥයෝ. ඒ අය දෙන මාර්ග සිතියම අනුව තමයි ජනාධිපතිවරයා වැඩ කරන්නේ. එහෙම නැතුව ජනාධිපතිවරයාට බොරු කියලා, සීනි බෝල දීල ඉන්න පුළුවන්. එහෙම නොකර ඇත්ත කතා කළා.

අද විපක්ෂයේ අය ගෑනු ළිඳ ළඟ කතා කරනව වගේ කියව කියව ඉන්නවා. මෙතෙක් දවස් මිනිස්සු හිතන් හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි වැඩි පඩි ගන්නේ කියලා. එහෙත් බඳු වැඩි කරපු ගමන් ආයතන රැසක සේවකයෝ එළියට ආවා. ජනතාව දැන්වත් අවබෝධ කරගන්න ඕන කාටද පඩි වැඩි කියලා.

එදා බදු අඩු කරද්දි බැන්න විපක්ෂය බදු වැඩි කරද්දිත් බනිනවා. ඒකයි මම කිව්වේ විපක්ෂය කියන්නේ සාම්ප්‍රදායික ගමනක් යන අය කියලා. අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ටිල්වින් සිල්වා රැකියාවක් නොකළත් අපට වඩා හොඳට, සරුවට ජීවත් වෙනවා. කැට හොල්ලපු සල්ලිවලින්ද මේ අය ජීවත් වෙන්නේ. ඒ සල්ලි එන හැටි රටට හෙළි කරන්න කියලා අපි ජනතා විමුක්ති පෙරමුණට කියනවා.“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *