කමිටු කොමිසන් පත් කරන්නේ ගැටලු විසඳන්න නෙමේ, රස්නය නිවෙන තුරු කල් මරන්නයි! – ගාමිණී විජේසිංහ

June 30, 2019 at 7:20 pm | by emanisa.lk

මේ රටේ කොමිෂන් පරීක්ෂණ මණ්ඩල හෝ කමිටු පත් කරන්නේ ගැටලු විසඳීමට නොව එහි රස්නය නිවෙන තුරු කල් මැරීමට පමණක් යැයි හිටපු විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමිනි.

“ඔය පත්කරන විවිධ කොමිෂන් සභා හා පරීක්ෂණ මණ්ඩල ආදිය පිළිබඳ මගේ පැහැදීමක් නැහැ. මෙවැනි කමිටු පත් කරන්නේ ප්‍රශ්නයට නිසි විසඳුම් නොදී කල් මැරීමටය කියලයි මම හිතන්නේ. මෙම බොහෝ සභාවල වාර්තා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒවා වැඩි වශයෙන් හමස් පෙට්ටියට තමා ගිහිල්ල තියෙන්නේ. වෙච්ච දෙයක් නැහැ. අවුරුදු ගණන් එක දිගට ඇදෙන මේවායින් කරන්නේ තවදුරටත් මහජන මුදල් කාබාසිනියා කිරීමක්. නියමිත දිනට වාර්තාව දෙන්නේ නැහැ. විවිධ හේතු කියලා කල් ගන්නවා. ව්‍යාකූල ඉතාම දිග වාර්තා තමා ප්‍රමාද වී හෝ නිකුත් කරන්නේ. ඒ වනවිට රස්නය නිවිලා ගිහින්. ඉතින් මෙවැනි දේවල කොටස්කරුවකු වන්න මා සූදානම් නැහැ. මගේ කාලයත් අපතේ යාමක් තමා වෙන්නේ.”

දේශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස