කටුනායක ගුවන්තොටේ තොරණ ජනපති අණින් ගලවා විසිකරයි!

December 2, 2019 at 7:39 pm | by emanisa.lk

කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගයේ බස්නාහිර පළාත් සභාව විසින් නඩත්තු කළ දැවැන්ත තොරණක් වහාම ගලවා ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අණකර තිබේ.

මෙම තොරණ බොහෝ කාලයක් තිස්සේ ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගයේ පැවතියේය. ජනාධිපතිවරයාගේ රුව යොදා ඇති එහි රටට පැමිණෙන අමුත්තන් පිළිගැනීම සහ රටෙන් පිටවන අමුත්තන්ට සමුදීමට අදාළ වැකි එහි සඳහන් වී තිබිණි.

මෙතෙක් හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේනගේ රුව සහිතව පැවති එම තොරණ පසුගියදානව ජනාධිපතිවරයාගේ රුව යොදා නැවත සකසා තිබිණි.

මෙය සැලවූ ජනාධිපතිවරයා වහාම එම සම්පූර්ණ තොරණම ගලවා ඉවත් කරන ලෙස බස්නාහිර ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙවෙලට නියෝග කර තිබේ.

ඒ අනුව වහාම සේවක පිරිසක් රැගෙන එහි ගිය බස්නාහිර ආණ්ඩුකාරවරිය එම තොරණ අද (02) සවසම ඉවත් කිරීමට කටයුතු කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස