ඒලියන්තගේ දුවයි පුතයි තාත්තා හීනෙන් කිව්ව කියල බෙහෙත් දෙනවා..! ආරක්ෂාවට පොලිසයේ 21ක් දීලා..! – නිරෝෂන් පාදුක්ක…

October 19, 2021 at 3:18 pm | by emanisa.lk

පසුගියදා අභාවප්‍රාප්ත වූ වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ දුවගේ සහ පුතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 21 දෙනෙකු අනුයුක්ත කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසයි.

“ඒලියන්ත වයිට්ගේ පුතාට සහ දුවට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කාන්තාවන් 4 දෙනෙක් සමග පොලිස් නිලධාරීන් 21 දෙනෙක් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නිදහස් කරලා තියෙනවා, ඔවුන් දෙපළගේ ආරක්ෂාවට.

ඔවුන් දෙපළ කරන්නෙ මොකක්ද, මේ අර ගල්කිස්ස පැත්තෙ බීච් රෝඩ් එකේ තියෙන චීන කටු ආයතනයක උපාධි දෙකක් අරගෙන තාත්තා රෑට හීනෙන් බෙහෙත් කියනවා කියලා දැන් බෙහෙත් දෙන්න පටන් අරන්.

ඒලියන්ත වයිට්ගේ දුවට සහ පුතාට ආරක්ෂාව දෙන්නේ මොකටද? කෝ මහ ලොකු පොලිසිය බාර ඇමති සරත් වීරසේකර ? කතාව දෝලාවෙන්, කෝ වැඩ ??”

නිරෝෂන් පාදුක්ක මේ බව පැවසුවේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *