එන්නත්කරණය සඳහා හමුදා එන්නත්කරණ රථ ගෙං ගෙට…..!

August 12, 2021 at 7:54 am | by emanisa.lk

දැනට ක‍්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන කාර්යක්‍ෂම කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12) සිට ජංගම එන්නත්කරණ රථ යෙදවීමට තීරණය කළ බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථාන ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා ප‍්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් වෙත ගොස් අදාළ එන්නත් ලබාදීම සඳහා මෙම ජංගම එන්නත්කරණ රථ යොදවනු ලබන බවත් ඒ සඳහා යුද හමුදා වෛද්‍ය බළකායේ කණ්ඩායම් සහිත රථ 10 ක් යෙදවීමට නියමිත බවත් හමුදාපතිවරයා පැවසීය.

එසේම 1906 සහ 0112860002 යන ක්‍ෂණික ඇමතුම් අංක ඔස්සේ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීමෙන් ද මෙම සේවාව ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි බව ද යුද හමුදාපතිවරයා කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *