එජාප-සජබ සන්ධානයක්…! එජාප සංවත්සරයටත් සජබට ඇරයුම්…!

August 28, 2022 at 9:18 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධාන ගතවීම සම්බන්ධයෙන් පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨයන් එක්ව සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් කොළ එළියක් ලැබී ඇතැයි ද සඳහන් වන අතර තවමත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊට සිය කැමැත්ත පළ කර නොමැති බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇත්තේ කිසිදු ආකාරයකින් පක්ෂ නොකඩා, පක්ෂය සමඟ සන්ධාන ගතවීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත එජාප සංවත්සරය සඳහා ද සජබයේ පිරිස්ද කැඳවන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *