එජාප එදාවෙලා ආර්ථික ප්‍රතිපත්තිය අනුව තවත් රජයේ දේපළක් විකුණං කන්න සූදානම්!

January 31, 2019 at 2:25 am | by admin

රාජ්‍ය ආයතන 3ක පූර්ණ කොටස් හිමිකාරිත්වය ඇති කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙමින් ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදලේ කොටස් ආයෝජනයෙන් කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය ඉදිකෙරිණි. එය පරිපාලනය කරන්නේ, සිනෝ ලංකා හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමයි.

සිනෝ ලංකා සමාගමේ සියලු කොටස් අලෙවි කිරීම සඳහා ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවන් හරහා එම්.ටී.අයි. කන්සල්ටින් නමැති උපදේශන සමාගමක් පූර්ව ප්‍රචාරක පත්‍රිකාවක් බෙදා හැර තිබේ. ලොව වටා සිටින ආයෝජක තැරැව්කරුවන් කිහිප දෙනෙකුට පමණක් මෙම ලිපි යවා තිබීම විශේෂත්වයකි. කිසියම් පිරිසකට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලැබෙන රටට සහ ජනතාවට සුවිශාල පාඩුවක් සිදුවන ආකාරයට මෙම ගනුදෙනුව සිදුවන්නට යන බවට එය ඉඟියකි.

මෙම හෝටල් ව්‍යාපෘතියට අදාළව සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුලු පිරිසකට එරෙහිව දැනටමත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *