එජාප ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්….! බෙන්තොට හෝටලයක මහින්ද එක්ක සාකච්ඡා කළා…! – රනිල්…

March 8, 2021 at 6:58 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ රජයක් 2024 දී පිහිටුවීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ දිනවල තමන් විවේකයෙන් චිත්‍රපට බලමින් සිටින බවත් ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සූදානම් වන බවත් එජාප නායකයා පවසයි.

ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන් ජනතාවට ම දැන් ආණ්ඩුව එපා වී ඇති බව පවසන ඔහු මේ වන විට රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය නම් හොඳ රටක් ජනතාවට හදා දෙන බවත් කියා සිටියේ ය.

තමන් මෑතක දී අගමැති මහින්ද රාජපක්ෂ බෙන්තොට හෝටලයේ දී හමුවී සාකච්ඡා කළ බවත් දෙදෙනා එක්ව දිවා ආහාරය ද බවත් තව දුරටත් සඳහන් කරයි.

කෙසේ වුව ද ආණ්ඩුව සමඟ තමන්ට ඩීල් නොමැති බවත් මහින්ද රාජපක්ෂ පරාජය කළේ තමන් බවත් ඔහු ප්‍රකාශ කරයි.

එජාප නායකයා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් ඒ පිළිබඳ ව කිසි දෙයක් නොදන්නා බවත් තමන් ආරක්ෂක කවුන්සිලයට පවා එම දිනවල කැඳවූයේ නැති බවත්ය. එසේ ම පාස්කු වාර්තාවට දේශපාලන මැදිහත් වීමක් සිදුවූයේ යැයි තමන් පිළිනොගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස