එජාපය නැවතත් දෙකඩ වෙයි..? කරූ, රවී, නවීන් සහ අර්ජුන රනිල් පිලට එරෙහිව සටනට…!

September 13, 2021 at 8:25 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් නෙරපීමට නැවතත් පිරිසක් සටනක් අරඹා තිබේ.

එජාප ප්‍රතිසංස්කරණවාදීන් ලෙස හඳුන්වා ගන්නා රවී කරණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග මේ සඳහා නායකත්වය ලබා දෙති.

එජාප පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ද මොවුන්ට සහාය පළකර ඇති අතර රවී කරුණානායක කෙරෙහි දැඩි බලාපොරොත්තු තබා තිබේ.

රනිල් පමණක් නොව එජාපයේ බලය හොබවන රුවන් විජේවර්ධන වජිර අබේවර්ධන, පාලිත රංගෙබණ්ඩාර, අකිල විරාජ් යන පිරිස ද ජනතාව ප්‍රතික්ෂේප කර ඇතැයි ඔවුහු පෙන්වා දී තිබේ. තම හිතවත් වෙබ් අඩවි ඔස්සේ ද එජාප ප්‍රතිසංස්කරණවාදීන් සටන අරඹා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස