එජාපය කෙළින් කරන්න රංගෙ පණ මදියි…! මහ ලේකම් ධූරයට පණ ඇති රවී…! රංගෙට ආණ්ඩුකාරකමක්…!

November 13, 2022 at 10:11 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවි කරුණානායක පත්කිරීමට සූදානම් වන බව ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාර පළාත් ආණ්ඩුකාර ධුරයකට පත්කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.

ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා රවි කරුණානායකට වගකීම් පැවරෙනු ඇත.

පාලත රංගේබණ්ඩාරට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණ කාලීන නොවන තනතුරක් ද ලබා දෙනු ඇති බවත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *