එජාපය ඉතිහාසයේ කුණු බක්කියට! 3% සීමාවේ දැවැන්ත පරාජයක් අබියස!

August 6, 2020 at 5:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේ දී දැවැන්ත පරාජයකට මුහුණ දෙන ලකුණු පහළ වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හවස 05 වන විට 68%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ඉදිරියෙන් සිටින අතර මෙතෙක් ප්‍රධාන වික්ෂය ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ නායකත්වය සපයන එක්සත් ජාතික පක්ෂය 2.49%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් 3% ඉලක්කය පසුකර යාමේ සටනක නිරත වෙයි.

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය 17%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් දෙවන ස්ථානයේ ද අනුර දිසානායක 5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් තෙවන ස්ථානයේ ද සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස