එජාපයේ හිටි නියම අන්තවාදියා රනිල් නෙමෙයි සජිත්! අද සියලු බෙදුම්වාදීන් අන්තවාදීන් සජිත් තුරුල්ලේ!

July 31, 2020 at 10:27 pm | by emanisa.lk

දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් සුරතල් කරන්නේ රනිල් වික්‍රමසිංහ යැයි මෙතෙක් කල් බරපතළ චෝදනාවක් එල්ල කිරීම වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් ළංකරගෙන එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ යයි බරපතළ චෝදනාවක් වසර 25ක් තිස්සේ එල්ල කළ බවත් එය වරදක් බවත් දැන් පැහැදිලි වන බවත් ඔහු පැවසී.

එක්සත් ජාතික පක්ෂය සමග සිටි රිෂාඩ් බදුර්ඩීන් වැනි මුස්ලිම් අන්තවාදීන් සුමන්දිරන් වැනි දෙමළ බෙදුම්වාදීන් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස සමග සමගි ජන බලවේගයේ යයිද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ඔවුන් සැබැවින්ම කටයුතු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ සමග නොව සජිත් ප්‍රේමදාස බව සමග බව පැහැදිලිව පෙනී යන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් සහ සජිත් දෙපසට වූ පසු මේ තත්ත්වය පැහැදිලිව පෙනී ගොස් තිබෙන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගම්මන්පිළ කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස