එක රටක් එක නීතියක් වාර්තාව කුණු බක්කියට විසි කරන්න ජනපති හකීම්ට සහතික වෙයි…!

August 12, 2022 at 10:19 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ, එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව තමා නොපිළිගන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට පැවසූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

ජනාධිපතිවරයා එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බව තමාට ප්‍රකාශ කළේ යැයි ද හකීම් සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් අතර පෙරේදා (10) ජනාධිපති මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදී හකීම්, එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසී යැයි ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *