උද්ඝෝෂණවලට ආවොත් නිරෝධායනය අනිවාර්යයි….! එනවා නම් ඇඳුම් කිහිපයක් අරන් එන්න…!

July 12, 2021 at 11:02 pm | by emanisa.lk

කොවිඩ් වසංගතයෙන් ගැලවීමට උත්සාහ කරන අවස්ථාවක ජනතාව ඒකරාශී කර සිදුකරන උද්ඝෝෂණ මගින් සිදුවන්නේ කොවිඩ් මාරයාට යළි අතවැනීමක් බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සඳහන් කරයි.

එනිසා උද්ඝෝෂණ සඳහා සහභාගී වන සියලු දෙනාට එරෙහිව අනිවාර්යෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

එහෙයින් උද්ඝෝෂණ විරෝධතා සඳහා පැමිණෙන්නේ නම් ඇඳුම් කිහිපයක්ද රැගෙන නිරෝධායනයට යාමට සූදානමින් පැමිණෙන ලෙස පියල් නිශාන්ත දැනුම් දෙයි.

මෙය කිසි විටෙක තර්ජනයක් නොව ජනතාවට තිබෙන ආදරේ නිසා කරන ඉල්ලීමක් ලෙස සලකන්නැයිද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *