ඉන්ධන හිඟයට ඉන්ධනහල් හිමියන්ට දුන් දඬුවමත් හේතුවක්…!

November 5, 2022 at 9:32 am | by emanisa.lk

ඉන්ධනහල් අසල වාහන පෝලිම් ඇති වූයේ ඉන්ධනහල් හිමියන්ට ඛනිජ තෙල් සංස්ථාව දුන් දඬුවමක් ද හේතු වී ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක පවසයි.

මාසයේ පළමු වැනිදා ඉන්ධන මිල අඩු කරන බවට ආරංචියක් පැතිර යෑම නිසා ඉන්ධනෙහල් හිමියන් ඔක්තෝබර් 31, නොවැම්බර් 01 සහ 02 වැනිදා ඉන්ධන ඇනවුම් නොකළ බවත් හෙතෙම කීය. මේ නිසා රට පුරා ඉන්ධන හිඟයක් ඇති විය.

ඊට දඬුවමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව පසුව ඉන්ධන ඇනවුම් කළ ඉන්ධන හල්වලට දින තුනක කාලයක් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ නිසා අර්බුදය තවත් උග්‍ර විය.

මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡා කර එම ක්‍රමවේදය වෙනස් කළ බවත්, ඒ අනුව ලබන සඳුදා (07) පමණ වන විට ඉන්ධන හිඟය මඟහැරෙනු ඇති බවත් කුසුම් සන්දනායක වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *