ඉන්දීය තානාපති අංශ සහ දෙමළ සන්ධානය අතර රහස් හමු දිගටම! සාකච්ඡා මාධ්‍ය සඳහා විවෘත නෑ!

July 22, 2020 at 9:16 am | by emanisa.lk

යාපනය ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස්වරයා හදිසියේ තිරිකුණාමලයට පැමිණ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමග සහ තෝරාගත් විපක්ෂ අපේක්ෂකයන් පිරිසක් සමග සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාව මාධ්‍ය සඳහා විවෘත නොවූ අතර දෙමළ සන්ධාන නායකයා සාකච්ඡා වූ කරුණු නොවිමසන ලෙස මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.

මහ මැතිවරණයක් අබියස මේ ආකාරයට තානාපති අංශ රටේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීම බොහෝ පාර්ශ්වවල අවධානයට ලක්ව තිබේ.

මෙයට පෙර උතුරේ දෙමළ සන්ධානා නායකයන් සමග ද ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ඇතුළු පිරිස සාකච්ඡා කළ බව එම්.ඒ. සුමන්දිරන් සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස