ඉන්දියාව පිළිගන්නෙත් ජැටිය විකුණන්න අපි ගැහුව ගිවිසුම….! මහින්ද දෙන්න බෑ කිව්වට ගණන් ගන්නෙවත් නෑ…! – කිරිඇල්ල….

February 2, 2021 at 9:16 pm | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (01) වෘත්තීය සමිති නායකයින්ට කී බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එහෙත් 2019 එජාප ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක කරන්නැයි අද (02) ඉන්දියාව ප්‍රකාශ කළ බව සමගි ජන බලවේග මන්ත්‍රී කිරිඇල්ල ප්‍රකාශ කළේ ය.

මේ සමඟ ආණ්ඩුව පඹගාලක පැටලී ඇති බවත් කුමක් කරනු ඇත්දැයි තමන් නොදන්නා බවත් මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට සූදානම් වුව ද ඉන්දියාව එය භාරගනී දැයි කිව නොහැකි බව ද ලක්ෂ්මන් කිරිඇල්ල වැඩි දුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *